Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නේපාල කණ්ඩායම , අමෙරිකානු කණ්ඩායම සමග පැවති තරඟයකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට කණ්ඩායමක් දවාගැනීමේ ශ්‍රී ලංකා වාර්තාව සම කිරීමට නේපාල කණ්ඩායම අද සමත්වුණා

.3 වන කාණ්ඩයේ තරඟයක් වූ මෙමම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් ලකුණු 35ක් තුල දවා ගැනීමට නේපාලය සමත් වුණා.

මේ අනුව මෙතෙක් කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකින් දවාගැනීමේ ගෞරවය දිනාගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව සම කිරීමට ඔවුන්ට හැකියාව ලැබුනා.

කෙසේ වෙතත් මෙම වාර්තාවට තවමත් හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරඟයේ දල ලකුණු ලබාගැනීමේ සාමන්‍යය අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම ඊට හේතුවයි.