Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

රාජ්‍ය සේවය යනු මේ වනවිට මහජනතාව කෙරෙහි දැඩි අප්‍රසාදයට ලක් වූ සේවයක්.

නිසි වෙලාවට කාර්යාලයට නොපැමිණ වගේම ඔවුන් කාර්යාලයෙන් පිටව යන්නේ තමන්ගේ හිතු මනාපයටයි.

සෑම රාජ්‍ය නිලධාරියෙක්ම නියමිත වෙලාවට පැමිණ , නියමිත වෙලාවට පිටවිය යුතුය.

බොහෝ රාජ්‍ය නිලධාරීන් එසේ කලත් ඉතා සුළු පිරිසක් එසේ නොවේ.

මහජනතාවට රාජ්‍ය සේවය එපා වී සිටින්නේ ඒ නිසා බව බොහෝ දෙනාගේ මතයයි.

මෙවැනි වකවානුවක රාජ්‍ය සේවය හිතකර සේවයක් කිරීමට කැපවන රාජ්‍ය ආයතනයක් පිළිබඳව Citizen අප සොයා බැලීමක් කළා.

ඒ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි.

ඔවුන් සෑම බදාදා දිනකම අමතර තවත් රාත්‍රී පැය දෙකක කාලයක් සේවා ස්ථානයේ රැදී සිට මහජනතාවට සේවා සපයයි.

ඔවුන් එය හදුන් වන්නේ "Night time office " යනුවෙනි.

මෙය සම්ප්‍රදායික රාජ්‍ය සේවය උඩු යටිකුරු කරනු ඇති.

මෙය ශ්‍රී ලංකාව තුළ පවතින අනෙකුත් රාජ්‍ය ආයතන වලටද ආදර්ශයකි.


Recent Stories