Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අගමැති නරේන්ද්‍ර මෝදී ගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ප්‍රබල පරාජයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

ඒ ඉන්දියාවේ අගනගරය ඇතුළත් දිල්ලි ප්‍රාන්ත සභාවේ මැතිවරණයෙන්.

අගමැති මෝදී ගේ පක්ෂයට දැවැන්ත පරාජයක් අත්කර දීමට අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය සමත් වුවා.

ඊයේ නිකුත් වූ අවසන් ප්‍රතිපල අනුව ආසන 70න් 62ක්ම දිනා ගැනීමට අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය සමත්වූ අතර භාරතීය ජනතා පක්ෂයට හිමි වුයේ ආසන 08ක් පමණි.

ඉන්දියාවේ දෙවන විශාලතම පක්ෂය ලෙස සැලකෙන ඉන්දීය කොංග්‍රස් පක්ෂයට කිසිදු ආසනයක් මෙහිදී හිමි නොවීම විශේෂත්වයක්.

පසුගිය වර්ෂයේදී අගමැති මෝදීගේ රජය විසින් සම්මත කරගත් පුරවැසි පනතට පසුව පැවැත්වූ පළමු මැතිවරණය මෙය වන අතර ඉන් මෝදී රජයට ප්‍රබල පණිවිඩයක් ලබාදී ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

මැතිවරණයෙන් අනතුරුව අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ට්විටර් සටහනක් තබමින් දිල්ලි ජනතාවගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය සතුට ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය මෙහෙයවූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර සිටියේ අරවින්ද් කේජිරිවාල් ගේ නායකත්වය යටතේ දිල්ලි අගනුවර සංවර්ධනය කරා යනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.