Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලොව පුරා පැතිර ගිය නව කොරෝනා වෛරසය, කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරස් රෝගයට නමක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් සිදු වූ පුද්ගල මරණ දහසේ සීමාව පසුකර ගෙන ගොස් ඇති පසුබිමකයි.

මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති මුළු සංඛ්‍යාව 1,107ක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ. වෛරසය හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 94 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.

එමෙන්ම වෛරසයට ගොදුරුවී ප්‍රතිකාර ගනු ලබන රෝගීන් සංඛ්‍යාව 44,138 ක් වනවා. ඉන් පුද්ගලයින් 33,366ක් වාර්තා වන්නේ චීනයෙන්.

නව කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගයට නිල නාමයක් ලබා දෙන ලෙස ඒ පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥයින් මීට පෙර ඉල්ලා සිටියා. ඒ, වෛරසය හේතුවෙන් කිසියම් රටකට හෝ පුද්ගල කණ්ඩායමකට සිදුවිය හැකි අපකීර්තිය හා අපහසුතාවන් වලක්වා ගැනීමේ අරමුණින්.


Recent Stories