Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

චීනයෙන් අමතර කොටස් ලබාගැනීමේ දුෂ්කරතා හේතුවෙන් නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ජපානයේ පිහිටි කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා.

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග චීනයේ කර්මාන්තශාලා රැසක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර ඉන් ලොව මෝටර් රථ නිෂ්පාදන සමාගම් රැසක කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමතර කොටස් ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් පසුගිය සතියේ දකුණු කොරියානු හයිඋන්ඩායි මෝටර් රථ නිෂ්පාදන සමාගම ද තාවකාලිකව වසා දැමුණි.

චීනය මෝටර් රථ කර්මාන්තයේ ගෝලීය සැපයුම් දාමයේ ප්‍රධාන පාර්ශවයක් වන අතර එහි ප්‍රධාන කර්මාන්තශාලා රැසක් කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ හුබෙයි පළාතේ පිහිටා ඇති බව වාර්තා වේ.