Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මීට වසර තුනකට පෙර ඇමරිකාවේ මුල් පුටුව දිනා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය.

ජනාධිපති පදවියට පත්වීමට පෙර ව්‍යාපාරිකයකු විදියට දශක ගණනාවක් ඇමෙරිකාවේ නොම්මර එකේ ධනවතා බවට පත්වී සිටියහ.

මොහුගේ වයස අවුරුදු 73කි.

මොහු ගැන ඒ වකවානුව තුළ බොහෝ දෙනා කතා වුනේ ලෝක දේශපාලනයේ ජනප්‍රිය භූමිකාවක් රඟ දක්වනු ඇතැයි යන්නයි.

නමුත් අද වනවිට ඇමරිකාවේ බොහෝ දෙනා වගේම ලෝකයේ බොහෝ දෙනෙකුට දැන් ඔහු ගැන කතා කරන්නේ බොහොමත් අඩුවෙන්ය.

ඒයට මුලික හේතුව විදිහට බොහෝ දෙනා කතා කරන්නේ ඩොනල්ඩ්ගේ දෙවැනි බිරියගේ දියණිය, එහෙමත් නැතිනම් ජනපති පියාගේ වැඩිම ආදරය දිනාගත් දියණිය ඉවන්කා නිසා යන්නයි. ඒ වෙන කිසි දෙයක් නොව ඇය තමන්ගේ ජනපති පියාගේ බල තල හිතේ හැටියට පාවිච්චි කරන්න පටන් ගත් නිසයි.

ඒ පමණකුත් නොව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව විදියට නිල වශයෙන් පත්වීම ලැබීමත් එක්ක බලතල පාවිච්චියට රාජ්‍ය මට්ටමේ අවසර පත්‍රයකුත් ඇයට හිමි විය.

ඉවන්කා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසවන්තම පුද්ගලයා. ආදරණීය දියණිය හැටියට පමණක් නෙවෙයි දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී පවා දියණියගෙන් උපදෙස් දැන් දැන් ජනපතිට නැතිවම බෑ.

ජනපති ට්‍රම්ප්ගේ පුවත්පත් සාකච්ඡාවලදී පමණක් නොව ඉතා රහසිගත රාජ්‍ය සාකච්ඡාවලදී පවා දියණිය ඉවන්කා ඔහු සමීපයේ අසුන් ගැනීමටයි පුරුදුවී සිටී.

ට්‍රම්ප් ව්‍යාපාරයේ ලොකුම පංගුකාරිය විදියට වැජඹෙන ඉවන්කා විවාහ වී සිටින්නේ තවත් කෝටිපතියකු වන ජරේඩ් කුෂ්නර් සමගයි.

වැඩිමහල් දරුවන්ද සිටියත් ඇය රූපය අතින් කාටත් නොදෙවැනි කාන්තාවක්.

ඒ නිසාම රජයේ සෙසු ඇමතිවරුගේ සහ ඇමෙරිකාවේ වගේම විදෙස් රටවලත් තරුණයන්ගේ ආකර්ෂණය නොඅඩුව ලබන තරමටම සුන්දරයි.

පාසල් කාලයේ සිටම මොස්තර නිරූපිකාවක් විදියටත් ඇයව හදුන්වන්න පුළුවන්.

දියණිය ඉවන්කාගේ ආදර සෙනෙහස උපරිම අයුරින් භුක්ති විඳිමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සුදානම් වන්නේ සිය දියණිය අමෙරිකාවේ මීළඟ ජනපති කරවීමට නොවේදැයි දැන් බොහෝ දෙනා කතා බහ කරන්නට අරගෙන.

එතරම්ම ඇය ඇමරිකාවේ පමණක් නොව ලෝකයේම අවදානය තමන් නතු කරගෙන.

අනාගතයේදී ඉවන්කා ඇමෙරිකාව හොල්ලන තුරුම්පුවක් බවට පත්වෙනු ඇතැයි බොහෝ දෙනාගේ විස්වාසයයි.


Recent Stories