Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසාට එරෙහිව අවසන් විනය පරීක්‍ෂණ කිහිපයක් සදහා ලබන 14, 15යන දිනවල කැදවා ඇතැයි පක්‍ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා සිටිනවා.   එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා ලබන 14 වැනිදාත්, විජිත් විජිතමුණි සොයිසා 15 වැනිදාත් විනය කමිටුව හමුවට කැදවා තිබෙන බව ද මහලේකම්වරයා සදහන් කර සිටියා.   පක්‍ෂ විනය කඩකරමින් ක්‍රියා කළ අයට එරෙහි පරීක්‍ෂණ දිගටම සිදුවන බව ද දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

කොළඹ,  ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.