Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන 24 වන දා ඉන්දියාවට පැමිණෙන බව ධවල මන්දිරය ඊයේ නිවේදනයක් නිකුත් කළා.

පසුගිය ජනවාරි 16 වන දා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙන බවයි.

ජනපති ට්‍රම්ප් ලබන 24 වන දා සහ 25 ව දා ඉන්දියාවේ සංචාරය කරන බවත්, එය ඇමරිකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපාය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවත් ධවල මන්දිරය ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කර සිටිනවා.