Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532



සිය පක්ෂය ජනාධිපතිවරණයේදී ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඒ, එම පක්ෂයේ නිළ ෆේස්බුක් පිටුව හරහායි.

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පාර්ශ්ව සිදු කරන ප්‍රකාශවලට ප්‍රතිචාරයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් ඔත්තෝබර් මස 19 වැනිදා මෙම ගිවිසුමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අත්සන් තැබුවේ එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරයි.

ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කරනවාද යන්න ගැන මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවයි.









Recent Stories