Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය වැළදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1000 ඉක්මවූ බව චීනය ප්‍රකාශ කර සිටිනවා. මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භයත් සමග පළමු වරට එක් දිනකදී වාර්තා වූ ඉහළම පුද්ගල මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා.

ඊයේ දිනයේදී වෛරසය ව්‍යාප්ත වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 103ක් වනවා. මෙම මරණ සියල්ලම චිනයේ හුබෙයි ප්‍රාන්තයන් වාර්තා වනවා.

මේ වන විට නව කොරෝනා වෛරසයෙන් ජිවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයින් ගණන 1013ක්. ලොව පුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 42,500 ඉක්මවනු ලබනවා.

මේ අතර නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව අයවැය යෝජනාවලිය යටතේ ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහා ලබා දෙනු ලබන ආධාර මුදල් කප්පාදු කිරිමට තීරණය කර තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව ලබා දෙන ආධාර සියයට 50 කින් කපා හැර දැමීමටයි ට්‍රම්ප් පරිපාලනය නව අයවැයෙන් යෝජනා කර ඇත්තේ.

ඊට අමතරව ගෝලීය සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් ද සියයට 34 කින් කපා හැරිමට යෝජනා කර ඇත්තේ.