Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉදිරි මහා මැතිවරණයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හට නාමයෝජනා ලබා දෙනවාද යන්න ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවම තීන්දුවක් ගෙන නැතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්ව කටයුතු කරන්නේදැයි යන්න ගැන පොදුජන පෙරමුණ මේ දක්වා කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

" මහ මැතිවරණයේදී තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයකට නිදහස් පක්ෂය වැඩි අපේක්ෂකයින් ගණනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ඉල්ලා තියෙනවා. එහෙම වුනොත් වෙන්නේ අපිට වෙන වෙනම තරග කරන්නයි. ඒ වගේම එකට තරග කලොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සේනානායක ගේ පාලන සමයේදී කළ දේවල් විවේචනය කරන්න පොදුජන පෙරමුණට සිදුවෙනවා" රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.