Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා.

ඊට සහභාගිවීම සදහා පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ද පැමිණ සිටිනවා.

සරත් ෆොන්සේකා, කබීර් හෂීම්, නවීන් දිසානායක, මංගල සමරවීර, රවී  කරුණානායක සහ රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් පිරිසක්ද ඊට සහභාගිවීම සදහා පැමිණි බවයි වාර්තා වන්නේ.

අද පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය සදහා තරග වදින නව සන්ධානයේ නම සහ ලකුණ පිළිබදවද අවසන් තීරණයකට එළඹිමට නියමිතයි.