Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

2020 වර්ෂයේ පළමු දින 15ක කාලය තුලදී ස්ත්‍රී දුෂණ සිද්ධීන් 142ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිදුවීම් 54ක් වාර්තාවී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හේෂා විතානගේ නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ස්ත්‍රී දූෂණ සිද්ධීන් 142 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54 ක් 2020 මුල් දින 15 තුළ පොලීසියට වාර්තා වි තිබෙනවා. එම පැමිණිලි අනුව ස්ත්‍රී දූෂණ සිද්ධීන් 78 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 21 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 34 ක් සම්බන්ධයෙන් වූ පොලිස් පරීක්ෂණ මේ වන විට අවසන් වී තිබෙනවා.

මඩකලපුව පොලිස් කොට්ඨාෂය මෙහිදී ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා. එම කොට්ඨාෂය තුල පමණක් ස්ත්‍රී දූෂණ සිද්ධීන් 44 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 8 ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 17 වසරේ පළමු දින 15 තුලදී වාර්තාවී තිබෙනවා.

2012 වසරේ සිට 2020 වර්ෂය දක්වා වූ වසර 08ක කාල සීමාව තුල ස්ත්‍රී දූෂණ 11,998 ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 4,806 ක් සහ ළමා අපයෝජන 5,891 වාර්තා වී ඇති බවයි මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.


Recent Stories