Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

තායිලන්තයේ කෝරාට් හිදී සිවිල් වැසියන් ඉල්ක්ක කර ගනිමින් ප්‍රහාරය දියත් කළ හමුදා නිලධාරියා Jakraphanth Thomma යනුවෙන් හඳුනා ගෙන තිබෙනවා.

ඔහු විසින් සිය කඳවුරේ ප්‍රධානියාට ද පහරදී එහි තිබී ගිනි අවියක් සහ පතොරම් රැගෙන පළා ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවයි තායිලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඔහු විසින් කෝරාට් හි පිහිටි බෞද්ධ ආගමික ස්ථානයක් තුල සිටි වැසියන් ඉලක්ක කර ගනිමින් පළමුව වෙඩි ප්‍රහාරයක් සිදුකර ඇත.

ඉන් පසුව කෝරාට් හි පිහිටි සාප්පු සංකීර්ණයක් තුලට පැමිණ එහි සිටි පුද්ගලයින්ට ද වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම සාප්පු සංකීර්ණයේ බිම් මහලේ සැඟව සිටින බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මෙම ප්‍රහාරයේ අරමුණ ගැන මේ දක්වා පැහැදිළි වී නොමැති බවයි තායිලන්ත බලධාරින් සඳහන් කරන්නේ.