Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ මහල් නිවාස පෙළක නිවැසියන් පුදුම කරවමින් බීර, බ්‍රැන්ඩි හා රම් මිශ්‍රිතයක් අදාළ නිවෙස්හි ජල නල වලින් සඳුදා (පෙබරවාරි 06) ගලා ගොස් තිබෙනවා.

මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළ ඔවුන්ට දැනගන්නට ලැබුනේ ජලය සපයන ළිඳ බලධාරීන්ගේ අත්වැරදීමකින් අපවිත්‍ර වී ඇති බවටයි.

රාජසන්තක කරන ලද මත්පැන් ලීටර 6,000 ක් පමණ එම ළිඳ ආසන්නයේ වලදමා තිබී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අධිකරණ නියෝග පරිදි නිලධාරීන් විසින් වලක බහා තබන ලද මත්පැන් තොගය පස් අතරින් කාන්දුවී ගොස් ළිඳට එක්වී තිබෙනවා.

ළිඳ ඉස පිරිසුදු කිරීමේ වැඩපිළිවෙලට මාසයක් පමණ ගතවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එතෙක් බලධාරීන් දිනපතා ජලය ලීටර 5,000 ක් සපයනවා.

නමුත් එය මහල් නිවාසයට ප්‍රමාණවත් නොවන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන්දියාවේ මත්පැන් පානය අතින් ඉහළින්ම සිටින්නේ කේරල ප්‍රාන්තයයි.

මුලාශ්‍රය - BBC