Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


මේ දිනවල චීනයේ ආරම්භ වී ලෝකය පුරා පැතිරයන මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව පළමු වරට ලෝකයට හෙළිකළ චීන ජාතික වෛද්‍යවරයා මිය ගොස් තිබෙනවා.

මෙම වෛද්‍යවරයා මිය ගොස් ඇත්තේ කොරෝනා අසාදනය වීමෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී.

ඔහු නමින් ලී වෙන්ලියැන්ග් (Li Wenliang)

34 හැවිරිදි ලී වෙන්ලියැන්ග් (Li Wenliang) අද(7) අලුයම මෙලෙස මිය ගොස් තිබෙනවා.

මෙම වෛරසය පැතිරීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කළ පළමු වෛද්‍යවරුන්ගෙන් කෙනෙක් ලෙස ලී වෙන්ලියැන්ග් (Li Wenliang) හැදින්විය හැක.

එරට ප්‍රාදේශීය පොලිසිය විසින් ඔහුට අවවාද කර තිබෙනවා.

ඒ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා නොකරන ලෙසට ලිපියකට ද අත්සන් ගනිමින්.

මුලාශ්‍රය - South china morning post