Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලෙසෝතෝවේ අගමැති තෝමස් (ටොම්) තබානේගේ බිරිය වන මේසයියා තබානේ මිනීමැරුම් චෝදනාවකට අත්අඩංගුවට ගනු ලැබුවා.

නමුත් ඇය එරට අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබුවා.

අගමැතිගේ පෙර විවාහයේ බිරිඳ වූ ලිපොලේලෝ තබානේ නමැති දේශපාලනඥවරිය ඝාතනය කිරීම ඔහුගේ වත්මන් බිරිය හට එල්ල වී ඇති චෝදනාවයි.

එම ඝාතනය සම්බන්ධයෙන් මේසයියාගෙන් පමණක් නොව අගමැති තබානාගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රශ්න කරමින් සිටී.

තෝමස් තබානේ අගමැති ධුරයේ දිවුරුම් දීමට දින දෙකකට පෙර, එනම් 2017 ජුනි 14 දින අගමැතිවරයාගේ පළමු බිරිය ඇගේ නිවෙස අසලදී ඝාතනය කරනු ලැබිණි. ඒ වනවිට ඔවුන් දෙදෙනා අතර දික්කසාද නඩුවක් විභාග වෙමින් පැවතියේය.

අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා පසුගිය ජනවාරි 10 දින අසල්වැසි දකුණු අප්‍රිකාවට පලාගිය 42 හැවිරිදි මේසයියා තබානේ පසුගිය අඟහරුවාදා ආපසු සිය රටට පැමිණ මසෙරු අගනුවර දී පොලිසියට භාර වූවාය.

ඇයට එරෙහි චෝදනා විමර්ශනය කිරීමෙන් පසු රජයේ නීති නිලධාරීන් විසින් චෝදනා පත්‍රය සකස් කරනු ලබන බවත්, ඉන්පසු ඇය උසාවියට ඉදිරිපත් කෙරෙන බවත් ලෙසෝතෝ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පසේකා මොකෙටේ පැවසීය.