Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන මහවැසි හේතුවෙන් කලාපයේ පැවති ලැව් ගිනිවලින් තුනෙන් එකක් පමණ මේ වන විට නිවී ගොස් තිබෙනවා.

කුවීන්ස්ලන්ත සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ඇවිලුණු ලැව් ගිනි 60කින් 20ක් පමණ මෙලෙස දිනක් තුළ දී නිවී ගොස් ඇති බවයි ඕස්ට්‍රේලියානු වාර්තා සඳහන් කළේ.

ධාරාණිපාත වර්ෂාවෙන් තවදුරටත් ලැව් ගිනි නිවී යමින් පැවතුණ ද වෙරළාසන්නව පවතින සිඩ්නි සහ අනෙකුත් නගරවල ජල ගැලීම් ඇති විය හැකි බවටයි බලධාරීන් අනතුරු අගවා ඇත්තේ.

ඇතැම් ස්ථානවලට වසරක් පුරා ලැබෙන වර්ෂාපතනය දිනක් තුළදී ලැබී ඇති බව ද ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශ සඳහන් කළා.