Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමත් සමග හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් කරනු ලැබුවත් මේ වනවිට හදිසි නිතීය ඉවත් කර තිබෙනවා.

එමනිසා බුර්කාව පැළඳීමේ තහනමක් දැනට රට තුළ ක්‍රියාත්මක වන්නේ නැහැ.

එහෙත් බොහෝ ආයතන හිස් වැසුම් මෙන්ම බුර්කාව හැඳ තම සේවා ස්ථානවලට ඇතුළුවීම තවමත් තහනම් කර තිබෙනවා.

මේ තත්ත්වය නිසා ඇතැම් පුද්ගලයන් නොමඟ යන අතර ඉන් ආසන්නතම සිදුවීම පසුගිය දා වාර්තා වුණා.

ඒ, වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් තුළ බුර්කාව සහිතව ඇතුළු වූ කාන්තාවක සහ ඇය වීඩියෝ කරන පුද්ගලයෙකු අතර උණුසුම් කතාබහක් ඇතිවීමයි.

එම වීඩියෝව ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර ඇති අතර මෙම වීඩියෝව පලකළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳට අපහාස කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් ද පළකර තිබෙනවා.

මෙවන් අනවබෝධ තුලින් ජාතීන් අතර ගැටළු මතුවිය හැකි අතර රටේ පවතින නීතිමය තත්වය ගැන ජනතාවට නිසි අවබෝධය ලබාදීම රජයේ වගකීමකි.