Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා අද(7) ඉන්දියාව බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව අගමැතිවරයා මෙම සංචාරයට සහභාගි වීමට නියමිතයි.

මෙම මස 11 වැනිදා දක්වා දින 4ක කාලයක් අගමැතිවරයා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙම සංචාරය අතරතුර අගමැතිවරයා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ජනාධිපති රාම්නාත් කෝවින්ද්, විදේශ කටයුතු ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සංචාරය අතරතුර අගමැති මහින්ද රාජපක්ෂ බුද්ධගයාව, සාරානාත් සහ තිරුපති යන ආගමික ස්ථාන වෙත යෑමද සැලසුම් කර ඇතැයි අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Recent Stories