Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

පෙබරවාරි මස 15 -22 ත් අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව වාර්තා වනවා.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට වසර 4.5 ක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලයක් හිමි වන්නේ නැහැ.

ඒ අනුව මාර්තු මස 02 වෙනිදා මධ්‍යම රාත්‍රීය දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට බලා සිටීමට සිදුවෙනු ඇති.

කෙසේ වුවත් පසුගිය සතියේදී පැවති සාකච්ජාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් ගෙනා යෝජනාවට පක්ෂ නායකයින් විසින් සුභවාදී ප්‍රතිචාර දක්වා ඇත.

ඒ අනුව පෙබරවාරි තුන්වන සතියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අප්‍රේල් පළමු සතියේදී මහ මැතිවරණය පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Recent Stories