Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් පෙබරවාරි මස 20 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කරන ලදී.

ඒ තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන 24 ක් පමණ වටිනා ඉඩම් අක්කර 40 ක් ව්‍යාජ ඔප්පු සකසා ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.

සැකකරු ඇප මත මුදාහරින ලෙසට විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඇප මත මුදාහැරීමක් කළ හොත් ඉදිරි පරීක්ෂණ වලට බලපෑමක් සිදු විය හැකි බවට මහේස්ත්‍රාත්වරිය අවධාරණය කරන ලදී.


Recent Stories