Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ රෝහලක සේවයේ නියුතු 27 හැවිරිදි වෛද්‍යවරයෙක් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

ඒ එම වෛද්‍යවරයා කිසිදු විවේකයකින් තොරව කොරෝනා ආසාධිත රෝගීන්ට දින 10ක කාලයක් ප්‍රතිකාර කිරිම හේතුවෙන් ඇතිවූ අධික වෙහෙස නිසාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ Song Yingji නම් වෛද්‍යවරයෙක් බවයි වාර්තා වන්නේ.

නව කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් දිනෙන් දින ඉහළ යමින් තිබෙන නිසා මේ වන විට චීනයේ සිටින වෛද්‍යවරුන් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයන් දැඩි වෙහෙසකට සහ මානසික පීඩනයකට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අතර දිනෙන් දින ඉහල යමින් සිටින කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් හේතුවෙන් චීන සෞඛ්‍ය බලධාරින් මේ වන විට රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරිමට අවශ්‍ය ඉඩ පහසුකම් නොමැතිකමෙන් දැඩි ගැටළුකාරි තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම වෛරසය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ ඇඳන් 1000කින් යුත් රෝහලක් ඉකුත් සතියයේ දී විවෘත කරනු ලැබුවා. නමුත් මේ වන විට දෛනිකව වාර්තා වන රෝගීන් සීමාව 2500කට අධික බවයි එරට බලධාරින් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් මේ සතියේදී ඉදිකිරීම් අවසන් කිරිමට නියමිත ඇඳන් 1600ක් සහිත රෝහලට අමතරව තවත් රෝහල් ඉදිකිරිම අවශ්‍ය බවයි සෞඛ්‍ය බලධාරින් මධ්‍යම රජයට දැනුම් දී ඇත්තේ.

චීනයේ වුහාන් නගරයේ පමණක් ජිවත්වන මිලියන 11ක පමණ ජනතාව මෙම තත්ත්වය හමුවේ දැඩි අර්බුධකාරි තත්ත්වයකට මුහුණපා සිටියි. එම නගරයේ පමණක් මේ වන විට වාර්තා වන රෝගීන් ගණන 8182 ක් බවත් එහි ඇති රෝහල් 28 තුල ඇත්තේ ඇඳන් 8254ක් බවයි සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙන්නේ.

පවතින තත්ත්වයට මුහුණදීම සඳහා මේ වන විට චීන බලධාරින් විසින් පොදු ගොඩනැගිලි තාවකාලික රෝහල් බවට පත් කිරිම සඳහා ක්‍රියා මාර්ග ගෙන ඇත.

කෙසේ වුවත් ඊයේ දිනය වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 28000 ක් වන බැවින් මෙම තත්ත්වය ඉදිරියේදී වැඩිවෙනු ඇති බවයි චීන සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.



Recent Stories