Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

72 වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැඳ සිටි කමිසයේ කෙලවරක තිබු පදක්කම් සම්බන්ධයෙන් කාගේත් කතා බහට ලක්වු මාතෘකාවක් වුවා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙලෙස පදක්කමක් පැළඳ සිටීමට වරම් ලැබූ එකම ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා වනවා.

1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණ අතර 1972 දෙවන ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා 1992 වසරේ දී ලුතිනන් කර්නල් නිලයට පත්විය.

ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඩ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට සහභාගීවූ එතුමා ඒ වෙනුවෙන් රණ වික්‍රම පදක්කම සහ රණ සූර පදක්කම හිමි කරගෙන තිබෙනවා.

සිය 20 වසරක යුධ හමුදා සේවයේදී ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස සහ ඩි.බි. විජේතුංග යන හිටපු ජනාධිපතිවරුන් අතින් යුධ බිමේදී දක්ෂතා වෙනුවෙන් පිරිණමනු ලබන පදක්කම් ලබා ගැනීමට සමත් වුවා.



Recent Stories