Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වසරේ ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය අවලංගු කර නොමැති බව එරට අගමැති Shinzo Abe ප්‍රකාශ කර සිටිනවා.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ නව කොරෝනා වෛරසය හේතුවෙන් ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජර්මනියේ මාධ්‍ය ආයතනයක් විසින් සිදුකළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.

"මේ වසරේ ජුලි 24 වෙනිදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පැතිරෙන නව කොරෝනා වෛරසය නිසා තරගාවලියට බාධාවක් ඇති නොවන අයුරින් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග මේ වන විටත් අප ක්‍රියාවට නංවා තිබෙනවා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග අප කිට්ටු සම්බන්ධකමක් පවත්වා ගෙන යනවා" ජපාන අගමැතිවරයා කියා සිටියා.

මේ වන විට ජපානයේ නව කොරෝනා රෝගීන් 20 දෙනෙක් වාර්තා වී තිබෙනවා.