Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අල්ලස් ලබා දීමේ සිද්ධින් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන ප්‍රංශයේ එයාර්බස් ගුවන් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9ක බේරුම්කරණයක් පැනවීමට බ්‍රිතාන්‍යයේ අධිකරණයක් නියෝග කර තිබෙනවා.

අල්ලස් ලබාදීමේ සිදුවීමක් කරණ කොට ගෙන පනවනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් බේරුම්කරණ මුදල ලෙස මෙය ඉතිහාසගත වනවා.

ලන්ඩනයේ පිහිටි බරපතල වංචා සෙවීමේ කාර්යාලය සහ ප්‍රංශයේ එයාර්බස් සමාගම විසින් ඇතිකර ගනු ලැබූ ගිවිසුමක් ප්‍රකාරව එම දඩ මුදල පියවන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.

ප්‍රංශයේ එයාර්බස් සමාගම විසින් සිදුකර ඇති මෙම අල්ලස් ලබාදීමේ වංචාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එකාබද්ධව විමර්ශන කටයුතු සිදුකර ඇත. ගෝලීය බේරුම්කරණය යටතේ ප්‍රංශ එයාර්බස් සමාගමට බ්‍රිතාන්‍යට පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක මුදලක් මේ අනුව පියවීමට සිදුව තිබෙනවා.

2011 වසරේ සිට 2015 දක්වා වූ කාල සීමාව තුලදී ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් සිය බාහිර උපදේශකයින් හරහා ශ්‍රී ලංකාව, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිවානය, ඝානා රාජ්‍යයට අල්ලස් ලබාදී ඇති බවට ලන්ඩනයේ පිහිටි බරපතල වංචා සෙවීමේ කාර්යාලය විසින් සිදුකරන ලද විමර්ශනයන් හිදී අනාවරණය කර ගෙන ඇත.

" සිය සමාගමට කොන්ත්‍රාත් ලබා ගැනීමේ අරමුණින් බාහිර උපදේශකයින් ලවා ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් මේ ආකාරයෙන් අදාළ රටවලට අල්ලස් මුදල් ලබාදී ඇති බවට වන කරුණු තහවුරු කර ගැනීමට හැකිවූ බව" ලන්ඩනයේ බරපතල වංචා සෙවීමේ කාර්යාලයේ අධ්‍යක්ෂික Lisa Osofsky ප්‍රකාශ කර සිටිනවා.

මෙම විමර්ශන වලදී හෙළිවී ඇති කරුණු අනුව ප්‍රංශයේ එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳකට ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බෘනෙයි ෂෙල් සමාගම හරහා ගෙවා ඇති බවට හෙළිවී තිබෙනවා. ඊට අමතරව එයාර් ඒෂියා විධායකයින් දෙදෙනෙකු සතු ක්‍රීඩා කණ්ඩායමකට ඩොලර් මිලියන 50 ක අනුග්‍රාහකත්වයක් ලබා දී ඇත, ඒ අදාළ ගුවන් සමාගමෙන් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ඇණවුම් ලබා ගැනීමේ අරමුණින් බවයි හෙළිවී ඇත්තේ.

එමෙන්ම ඉන්දුනීසියානු ගුවන් සමාගමේ ප්‍රධානියෙකුට ද එයාර් බස් ගුවන් සමාගම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.3ක අල්ලසක් ලබාදී ඇත. ඊට අමතරව ඝානා රාජයේ හමුදාවන් සඳහා ගුවන් යානා සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා ගැනීමේ අරමුණින් ඩොලර් මිලියන ගණනක අල්ලස් මුදල් පියවා ඇති බවට කරුණු හෙළි කර ගැනීමට ලන්ඩනයේ පිහිටි බරපතල වංචා සෙවීමේ කාර්යාලය සමත්ව ඇත.

බේරුම්කරණයේ කොටසක් ලෙස එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවට ඩොලර් මිලියන 525 ක් සහ ප්‍රංශ නියාමකයින්ට ඩොලර් බිලියන 2.08 ක මුදලක් ප්‍රංශයේ එයාර් බස් සමාගමට සිදුව ඇත.


Recent Stories