Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ(31) ජය පරාජයෙන් තොරව අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 361 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගය විසඳුමකින් තොරව අවසන් කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 87 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 204 කි.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් සිය 7 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 116 ක් රැස් කරගෙන සිටියේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය පළමු ඉණිමට රැස් කළ ලකුණු 406 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු ඉණිමට ලකුණු 293 ක් රැස් කළේ ය.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින් සිය ඉනිම අත්හිටවූවේ කඩුලු 7 ක් දැවී ලකුණු 247 ක් රැස් කරගෙන සිටියදීයී.

කෙසේ වෙතත් තරගාවලියේ පළමු තරගය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිවිය.


Recent Stories