Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ක්‍රිකට් වලට ආදරය කරන සියලු දෙනාට නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පුරාවෘත්තයක් කාලයකට පසු තම මව්බිමේ පිත්ත හසුරුවන ආකාරය දැකගන්නට අවස්ථාව හිමිවනවා.

ශ්‍රී ලංකාවේ හිටපු නායකයෙකු සහ කඩුලු රකින්නෙකු වන කුමාර සංගක්කාර නැවතත් මේ වසරේ මාර්තු මාසයේදී ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට නියමිතයි.

ඒ ඔහු වඩාත් ප්‍රිය කරන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

කුමාර සංගක්කාර මෙලෙස ක්‍රීඩා කරන්නේ බ්‍රිතාන්‍යයේ MCC ක්‍රීඩා සමාජය සහභාගීවන තරගයකටයි.

සංගක්කාර mcc ක්‍රීඩා සමාජයේ නායකත්වය දරනු ඇත.

mcc චැම්පියන් කවුන්ටි ටෙස්ට් තරගය මාර්තු 24 සිට 27 දක්වා පැවැත්වේ.