Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 62ක් රැස් කරගෙන සිටියා.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 122ක්.

ශ්‍රී ලංකා පළමු ඉනිමට ඊයේ දිනයේදී තවත් ලකුණු 171ක් එක් වෙද්දී සියලුම ක්‍රීඩයන් දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වු අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 293කට සීමා විය.

එහිදී ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුනු 64ක් රැස් කළ අතර නායක දිමුත් කරුණාරත්න ලකුණු 44යි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වු සිකන්දර් රාසා ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව ලකුණු 113ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 32කදී දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් විය.