Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වුනා.

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 340 ක් රැස්කර ගත්තා.

ශිකර් දවාන් 96 (90)

විරාත් කෝලි 78 (76)

K.L රාහුල් 80 (52)

ලකුණු 341 ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබාගත හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 304 ක් පමණයි.

ස්ටීව් ස්මිත් 98 (102)

ඒ අනුව ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වුනු දෙවන එක්දින තරගයේ ජය ලකුණු 36 කින් ඉන්දියාව සතු කර ගත්තා.

ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමවනවා.


Recent Stories