Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වැලි, පස් සහ මැටි ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අද අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී .

මෙම පෙත්සම පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරිසර විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය නම් කර ඇත .

ඒ අනුව වැලි, පස් සහ මැටි ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය 2019 වර්ෂයේ දෙසැම්බර් මස 4 දා ගත් තීරණය අත් හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි .


Recent Stories