Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නැගෙනහිර සිරියාවේ පිහිටි ඉරාන හමුදා කඳවුරකට මිසයිල ප්‍රහාර 4 ක් එල්ලවී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ටී හතර නැමති ඉරාන ගුවන් හමුදා කඳවුරට මෙම මිසයිල ප්‍රහාර එල්ලවී ඇති බවයි.

ප්‍රහාරවලින් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, කඳවුරේ ගබඩාවකට පමණක් හානි සිදුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලය වෙත චෝදනා එල්ලවී ඇතත් ඊශ්‍රායල හමුදාව මෙතෙක් ඊට අදාළ කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මීට පෙරද සිරියාවේ මෙම ගුවන් හමුදා කඳවුරට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබුණා.