Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට තිබෙන බාධා හැඳිනගෙන එම ගැටලු විසඳීමට ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුතු වූ ක‍්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට පියවර ගන්නා බව අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කී‍්‍රඩාවෙන් ජයග‍්‍රහණ ලබා රට දිනවීමේ හැකියාව ඇති දරුවන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඇතිකිරීම කී‍්‍රඩා විශ්වවිද්‍යාලයක් බිහිකිරීමේ අරමුණ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍යවරයා පාසල් මට්ටමින් මෙන්ම ප‍්‍රාදේශීය මට්ටමින්ද දක්ෂ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සොයාගෙන ධෛර්යමත් කළ යුතුව ඇතැයි ප්‍රකාශ කරයි.

දහතුන් වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ රන් රිදී ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබූවන් සහ ඔවුන්ගේ පුහුණුකරුවන් ඇගයීම සඳහා තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍යංශයේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් කොළඹ නෙලූම් පොකුණ රඟහලේ පැවති උත්සවය අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අමතමින්, "තමන්ගේ දරුවන් ලෝකය දිනා එනතෙක් පියෙක් මග බලා සිටින සේ ඔබ ලෝකය ජයගෙන එනතෙක් අප‍්‍රමාණ පිය සෙනෙහසින් අපි බලා සිටිනවාය" නුවෙන් ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.