Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වත්මන් ආණ්ඩුව බෞද්ධයන්ගේ ප්‍රශ්න විසඳන බවක් පෙනෙන්නට නැති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන් වහන්සේ මේ බව පැවසුවේ ඊයේ(14) රාජගිරියේදී පැවති බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාතියේ චීවර පූජාව රුවන්වැලි සෑය අභියසදී පෙබරවාරි 22 පැවැත් වීමට නියමිතව තිබෙනවා.

සිවුරු හැට දහසක් පූජා කරලා එම පින්කම සිදු කරනවා.

එය 2018 දි සිදු කරන්න හිටියත් මිත්‍යාදෘෂ්ටික පාලකයන් ඒකට ඉඩ දුන්නේ නැහැ.

මේ රට වෙළාගෙන තිබෙන සංස්කෘතික ආක්‍රමණය පිළිබඳ අපි අවුරුදු විස්සක් තිස්සේ හඩ නඟලා කිව්වා.

භික්ෂූන් 9 දෙනෙක් පාර්ලිමේන්තුවටත් යැව්වා. අපිට ඒ දේ කරගන්න බැරි උනා.

සාම්ප්‍රදායික මද්‍රාසා පාසල් වෙනුවට මරාගෙන මැරෙන පන්නයේ මත වාද සහිත නායකයන් අතර දැන් උලමා සභාව පත් වෙලා.

ඒ නිසා අගමැතිවරයාටත් , ජනාධිපතිවරයාටත් කියනවා ගොඩනගාගත් ජාතිකවාදී වැඩපිළිවෙළ දේශපාලන බල උවමනාවට පාවිච්චි කරලා නාස්ති වෙන්න එපා කියලා. මරාගෙන මැරෙන අදහස් ඇති අය ඉබේ බිහි වෙන්නේ නැහැ .