Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

රොබෝ තාක්ෂණය සහ වෛද්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර විස්මිත නිර්මාණයක් බිහිකිරීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

මෙතෙක් ලෝකයට හුරු පුරුදු ලෝහ සහ ප්ලාස්ටික් සහිත රොබෝ යන්ත්‍ර වෙනුවට සජීවි සෛල වලින් නිර්මාණය කරන ලද රොබෝ ජීවියෙකු නිර්මාණය කිරීමට එංගලන්තේ මැසවුසෙට්හි විශ්වවිද්‍යාලයට අනුබද්ධ පරීක්ෂණාගාරයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයිකල් ලෙවින් ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබෙනවා.

ෂෙනෝබෝට්ස් නමින් හැඳින්වෙන මෙය රොබෝ තාක්ෂණය සහ ජෛව විද්‍යා තාක්ෂණයේ පමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය නව සොයාගැනීමක් වනු ඇති.

කුඩා වැලි කැටයක් හෙවත් මිලි මීටරයක පමණ ප්‍රමාණයෙන් යුත් නිසා රොබෝව ශරීරයේ නහර සහ ඉන්ද්‍රියන් තුළින් ම ගමන් කර ඒවායේ පවතින ආබාධ වලට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට පවා මෙම රෝගය යොදා ගැනීමට හැකි වනවා.

ශරීරය තුළ යම් විශේෂිත ඉන්ද්‍රියක පවතින රෝගයක් සඳහා ප්‍රතිකාර කිරීමේදී අදාළ ස්ථානයට මෙය ගමන් කරවා ප්‍රතිකාර සැලසිය හැකි බැවින් සමස්ත ශරීරයටම ඖෂධ ලබාදීමෙන් සිදුවන අතුරු ආබාධ අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා.