Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ස්පාඤ්ඤයේ කැටලෝනියා කලාපයේ රසායනික ද්‍රව්‍ය කම්හලක පිපිරීමක් සිදුව තිබේ.

අනතුරෙන් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයිද විදෙස් වාර්තාවල සදහන් විය.

ටරගෝනියා නගරයේ සිදුවූ මෙම පිපිරීමත් සමගින් පැතිර ගිය ගින්න පාලනයට ගිනි නිවන රථ 20ක් හා හදිසි වෛද්‍යාධාර අංශ 11ක් අදාළ කලාපය වෙත යොමුකිරීමට බලධාරීන් කටයුතු කළේය.

පිපිරීම හේතුවෙන් මාර්ග කිහිපයක් වසාදැමීමටත් සිදුවිය.

කෙසේ නමුත් පිපිරීමට නිශ්චිත හේතු මෙතෙක් හදුනාගෙන නැහැ.