Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේවන විට ඇමෙරිකාව සහ ඉරානය අතර උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂාවට කිසිදු බලපැමක් සිදු නොවන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ(14) පස්වරුවේ කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වූ හමුදාපතිවරයා සඳහන් කළේ , අපි බොහෝ පින්වන්ත රටක් බවත් එවැනි හානි කර තත්ත්වයක් ලංකාවට උදා වීමට හේතුවක් නැති බවයි.

යම් උණුසුම්කාරී තත්ත්වයක් පැවතියත් ඉදිරියේ දි එය සාමාකාමීව පවතිනු ඇති බවට බලාපොරොත්තු වන බවත් පැවසු හමුදාපතිවරයා, අපි කුඩා රාජ්‍යයක් ලෙස එවන් දේවල් නොවේවා යැයි ආශිර්වාද කර සිටිය යුතු බවත් පැවසීය.