Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මගීන් 176 දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් යුක්රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලන ආකාරය පටිගත කළ පුද්ගලයා ඉරානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් යුක්රේනය බලා ගමන් ආරම්භ කළ බෝයිං 737 වර්ගයේ මගී යානයක් ටෙහෙරාන් අගනුවරට නිරිත දිග ප්‍රදේශයකට කඩා වැටුණේ පසුගිය 8 වන දායි.