Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධ ඉදිරි කටයුතු සිදු කිරීමේදී ජනතා අදහස් සැළකිල්ලට ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවට දැනුම් දී තිබෙනවා. ඒ, ඇමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වේල්ස් හමුවූ අවස්ථාවේදීයී.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ යෝජනාවලිය මේ වන විට විද්වත් මණ්ඩලයක් විසින් අධ්‍යනය කරමින් සිටින බවයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සෙසු රටවල කි‍්‍රයාත්මක කළ ආකාරය සහ අත්දැකීම් පිළිබඳ විද්වත් මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්ව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.