Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස නාලක කලුවැව මහතා පූර්ණ කාලීනව පත්කිරීමට පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණ කර තිබෙනවා.

මෙතෙක් ජනපති අතිරේක ලේකම්වරයෙක් කටයුතු කළ ඔහු රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජනරාල් ධුරයේ වැඩි බැලීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ පත්කරන ලදී.

ඔහු ජනවාරි 01 දා සිට පූර්ණ කාලීනව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.

නාලක කලුවැව මහතා ශ්‍රී ලංක පරිපාලන සේවයේ 01 පන්තියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක පමණ විවිධ තනතුරු දරා ඇති නිලධාරියෙකි.