Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අත්අඩංගුවට ගැනීමේදී සුපරීක්ෂාකාරීව සහ දැඩිව නීතියට අනුකූලව කි‍්‍රයා කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ බලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්නට උපදෙස් ලබා දී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීම දඬුවමෙන් කොටසක් නොවන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ. අත්අඩංගුවට පත් වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී සුපරීක්ෂාකාරීව සහ දැඩිව නීතියට අනුකූලව කි‍්‍රයා කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් වෙත උපදෙස් දී ඇත්තේ.

කිසියම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සිදු විය යුත්තේ අදාළ වගකීම ඉටු කරන නිලධාරීන්ගේ වෘත්තීය තීන්දුව මත බව ජනාධිපතිවරයා පවසනවා. එම රාජකාරිය ස්වාධීනව හා කිසිඳු බිය ගැන්වීමකින් හෝ අනුග‍්‍රහයකින් තොරව සිදු වන බවට සහතික කරන ලෙසටයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වැනි මහජන නියෝජිතයින් හා වෛද්‍යවරු වැනි වෘත්තිකයින් සම්බන්ධයෙන් රාජකාරිය ඉටු කිරීමේදී පොලිස් නිලධාරියා විසින් අත්අඩංගුවට පත් වන පුද්ගලයාට නිසි ගෞරවය ලබා දිය යුතුයි.

එමෙන්ම මෙම උපදෙස් සියලූ ශී‍්‍ර ලාංකික පුරවැසියන් සම්බන්ධයෙන් කිසිදු වෙනසකින් තොරව අදාළ වන බවයි ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. කිසිදු තත්වයක් යටතේ හෝ බාහිර අරමුණු වෙනුවෙන් හෝ කිසිදු අනවශ්‍ය බලපෑමකට යටත් නොවන ලෙසට ද ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ