Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරුන්ගේ දීමනා රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති ලේකම් ආචාර්‍ය පී.බී ජයසුන්දර මහතා විසින් චක්‍රලේකයක් නිකුත් කර තිබේ.

පී.එස්/එස්.පී/චක්‍රලේඛ/02/2020 දරණ මෙම චක්‍රලේඛනය හරහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ දීමනා රුපියල් 25,000ක මුදලකට සීමා කර තිබේ.

සභාපතිවරයෙකුට හිමිවන නිල මෝටර් රථය සදහා ඉන්ධන දීමනාව මසකට ලීටර් 150 නොයික්මවිය යුතු බවටද එම චක්‍රලේඛනයේ දක්වා ඇති අතර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට නිල වාහන හිමි නොවේ.

මින් පෙර පැවති තත්වය යටතේ සියලු දීමනාවන් සහිතව ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය සමාගම් වල සභාපතිවරයෙකු රුපියල් ලක්ෂ අනූවක පමණ මාසික වැටුපකට හිමිකම් කියූ අතර ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ වැටුප රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ විය. නව චක්‍රලේකය අනුව එවැනි රාජ්‍ය ආයතන 300ක පමණ සභාපතිවරුන්ගේ දීමනා රුපියල් ලක්ෂයක් පමණක් වීමත් සමඟ මෙම වැටුප් බොහෝ දුරට අඩුවීමට ඉඩ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජයේ වියදම් අවම කරමින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.