Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද(14) මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයෙදී පැවැත්වුණා.

කාසිය වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා නායක ආරොන් ෆින්ච් මුලින් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1 සියලු දෙනා දැවී ලකුණු 255ක් රැස් කළේ අතිරේක ලකුණු 11ද සමගින්.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූණේ ශිකර් දවාන්. ඒ පන්දු 91 තුළ ලකුණු 74 රැස්කර ගනිමින්.

ලොකේෂ් රාහුල් පන්දු 61 මුහුණ දෙමින් ලකුණු 47 රැස්කර ගත්තා.

නායක විරාත් කෝලිට ලබාගත හැකි වුයේ පන්දු 14 තුළ ලකුණු 16ක් පමණයි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවා ගත්තේ ලකුණු 56 ලබාදෙමින්.

ඒ අනුව ලකුණු 256ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරුවන් වන ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රාහී මාවතකට ගෙන එමින්.

ඩේවිඩ් වෝනර් සහ ආරොන් ෆින්ච් ඉන්දීය පන්දු යවන්නන් වන්කඩේ පිටිය මැද අසරණ කළේ ආරම්භක සම්බන්ධතාවය නොබිඳුණු සබඳතාවක් බවට පරිවර්තනය කර ගනිමින්.

ඩේවිඩ් වෝනර් පන්දු 112 තුළ ලකුණු 128* යි

ආරොන් ෆින්ච් පන්දු 114 තුළ ලකුණු 110*යි.

ඒ අනුව ඉන්දියා ඕස්ට්‍රේලියා පළමු එක්දින තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාව කඩුලු 10කින් ජයග්‍රහණය කළා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැකි වුණා.