Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අධිකරණ කේෂ්ත්‍රයේ විනිසුරුවරුන්ගේ රාජකාරියට බාධාවන අයුරින් කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට පත්වුවහොත් ඔහුට වසරක සිර දඬුවමක් සහ වසර 07 ක් යනතුරු ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි වීමට ඉඩ ඇති බව නීති විශාරදයින් පෙන්වා දෙනවා.

දණ්ඩ නීති සංග්‍රහයේ 111 (ඇ) වගන්ති දෙක යටතේ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා වරදකරු වී ඇති බවට සඳහන් කරමින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂකවරයාට නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා අද නියෝග කරනු ලැබුවා.

ඒ අනුව ජේෂ්ඨ අධිකරණයක, විනිශ්චය අධිකාරයකට, රජයේ නිලධාරියෙකුට නිත්‍යානුකූල බලයක් නොමැතිව යම්කිසි බලපෑමක් කරන පුද්ගලයෙකුව මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් පසු වරදකරු කිරීමෙන් පසුව එක් අවුරුදු සිර දඬුවමක් හෝ දඩයක් නියම කිරීමේ හැකියාව පවතී.

එමෙන්ම අදාළ වරද සම්බන්ධයෙන් වරදකරු කළ දිනයේ සිට වසර 07 ක කාලයක් ගතවන තුරු එම පුද්ගලයාට ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන සභිකයින් තෝරා පත්කර ගැනීමේ මැතිවරණයක් සඳහා ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි වන අතරම රජයේ නිලධාරියෙක් ලෙස ධුරයක් දැරීම හෝ සේවයේ යෙදීමට නුසුදුස්සෙක් බවට තීන්දු කිරීමට නෛතිමය ප්‍රතිපාදන අධිකරණයට හිමිවන බවයි මෙහිදී නීති විශාරදයින් පෙන්වා දෙන්නේ.