Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබෙනවා.

1985 වසරේ දී සුරාබදු පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ ඒ මහතා වසර 30කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවා තිබේ.

බෝදරගම මහතා කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කළේ ය.

මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හිමි කරගෙන ඇති ඒ මහතා ජර්මනිය,කොරියාව, චීනය, සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යන කටයුතුවල නිරත වී ඇත.