Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොළඹ , නුවර , කුරුණෑගල වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව වායු ගෝලයේ දූවිලි අංශු ඊයේ (13 ) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

මේ පිලිබඳ CITIZEN අප ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතාගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ පෙරවරු 8 සිට දහවල් 12 දක්වා කාලය තුළදී කොළඹ නගරයේ දූවිලි අංශු තත්ත්ව දර්ශකය 120 ත් 140 ත් අතර අගයක් පෙන්නුම් කළ බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අද(14) උදෑසන කාලයේදීද මෙම තත්වය දැකගත හැකිවූ බවයි.

කෙසේ වෙතත් එම තත්වය මේවනවිට නොමැති බව ඔහු CITIZEN අපට සඳහන් කළා.

මෙම තත්වය නිසා ඇදුම ආදී රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් මෙම කාලසීමාවේදී ප්‍රවේශම්වීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නා.