Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර තිබේ.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවි බල ගැන්විමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීම සඳහා එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ද සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දි පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

ඒ අනුව දිවයින පුරා විසිරී ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා සපයන දහසකට වැඩි රෝහල් හා සෞඛ්‍ය ආයතන සියල්ල 2023 වන විට පරිගණක ජාලගතකරණය සිදු කිරිම සිදුවෙනු ඇත.