Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

D කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී ආරම්භ වූ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

එහිදී ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන් සුකිත ප්‍රසන්න, නිෂිත අභිලාෂ් අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 274 ක් රැස්කර ගැනීමට හැකි විය. ඒ වන විට පන්දුවාර 55 ක් සඳහා මුහුණ දී සිටි සෙබස්තියන් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම අත්හිටුවන ලද්දේ සිය ප්‍රතිවාදීන් වූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට පිතිකරණයේ නිරත වීම සඳහා අවස්ථාව ලබා දෙමිනි.

ඒ අවසරයෙන් පිටියට පිවිසි සංචාරක සාන්ත ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් සටන්කාමී ශතකයක් වාර්තා කිරීමට නෙත්මල් ද සොයිසා සමත් වූයේය. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් රැස්කර ගෙන සිටින්නේ සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 140 ක් පසුපසින් සිටිමිනි.