Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරයා කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කරන “සංක්‍රාන්ති කාල පරිච්ඡේදයක්” සඳහා රැජින එකඟ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වර්තා සඳහන් කරනවා.

නව භූමිකාවක් සඳහා ඔවුන්ගේ අභිලාෂයට ඇය “පූර්ණ සහයෝගය” ලබා දෙන නමුත් පූර්ණකාලීනව සේවය කරන රාජකීයයන් ලෙස සිටීමට ඔවුන් කැමති වනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කර තිබෙනවා.

වේල්ස් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරයා සම්බන්ධ සැන්ඩ්‍රින්හැම්හි පැවති සාකච්ඡා ඉතා ඵලදායී බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“තරුණ පවුලක් ලෙස නව ජීවිතයක් නිර්මාණය කිරීමට හැරී සහ මේඝන්ගේ අභිලාෂයට මගේ පවුලේ අය සහ මම මුළුමනින්ම සහාය දෙමු,” ලෙස ඇය එම නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබෙනවා.