Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පත්කිරිමේ සුදානමක් පවතින බවට වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මෙම බ්‍රහස්පතින්දා අවසන් තින්දුව ගැනිමෙන් පසුව පක්ෂයේ නව නායකත්වයට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත් කෙරෙනු ඇති බවට විශ්වාසය පළ කර සිටිනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබුනහොත් ඔහු විසින් පක්ෂයේ මහ ලේකම් තනතුර සදහා පාඨලි චම්පික පත් කෙරෙනු ඇති බවයි විශ්වාසදායක ආරංච් මාර්ග සදහන් කර සිටින්නේ.

මේ අතර තමන්ට ජනාධිපතිවරණයේදි සහය දැක්වු අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ස්තුතිය පළ කිරිමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ පාඨලි චම්පික රණවක මන්ත්‍රිවරයාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබා දිමට සියල්ල සුදානම්ව ඇති බවයි.